News

මරණ දඬුවම නියමවී සිටි කත නිදහස ලබයි

 

 

මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ මරණ දණ්ඩනයට නියම වී සිටින එකම කාන්තාව වන ලීසා මොන්ටිගෝමරි එම දඬුවමින් මුදා හැරීමට නීති අංශ තීරණය කර තිබේ.

මොන්ටිගෝමරිට මරණ දණ්ඩනය නියම වූයේ 2004 වසරේදී ගැබිනියකගේ ගෙල සිරකර මරා දැමීමට වරදකාරිය වීම නිසාය.

මෙම මරණ දඬුවම ක්‍රියාත්මක වුවහොත් වසර 70කට පමණ පසුව ඇමරිකාවේ කාන්තාවකට මරණ දඬුවම හිමිවූ පළමු අවස්ථාව වීමට ඉඩ තිබිණි.

මොන්ටිගෝමරිට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ පසුගිය මාසයේ වුවත් ඇයගේ නීතිඥයන් කොවිඩ්-19 ගිවිසුමට අත්සන් තැබී‍මෙන් පසුව එය ක්‍රියාත්මක කිරීම ඉදිරියට කල් ගියේය. පසුව ජනවාරි 12 වැනිදාට ක්‍රියාත්මක වන පරිදි අධිකරණය විසින් එය නැවත සංශෝධනය කළද ඇයගේ නීතිඥයන්ගේ තර්කය වූයේ ඔවුන් නිවෙස්හි නිරෝධායන කාලයකට ලක්ව සිටින විට මෙවැනි තීරණයකට පැමිණීමට නොහැකි බවයි.

මේ අතර ඇයගේ නීතිඥයන් විසින් මෙම තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමෙන් ඇයව මරණ දඬුවමෙන් නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

රසිත ජයවීර