මරදාන – කොළඹ කොටුව අතර දුම්රිය පීලිපැනීමක්
අද (25) උදෑසන මරදාන සහ කොළඹ කොටුව යන දුම්රිය ස්ථාන දෙක අතර දුම්රියක් මෙලෙස පීලිපැනිමකට ලක්ව තිබෙනවා.
මෙම දුම්රිය කොළඹ කොටුවේ සිට තලෛයිමන්නාරම දක්වා ධාවනය වීමට නියමිතව තිබු බවයි පැවසෙන්නේ.
මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව සඳහන් වනවා. දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි තොරතුරු ලැබී ඇත්තේ.
එම්.11 වර්ගයේ දුම්රිය එන්ජිමක් වන මෙය මින් පෙරද පීළිපැනීමට ලක්ව තිබෙන බව වෘත්තිය සමිති පවසනවා.
