News

මව්පියන්ට එපා වූ වසර හතට අඩු දරුවන්ගේ පිළිසරණට ළමාරක්ෂකය පෙරට

දෙමාපියන් විසින් අත්හැර දමා යා හැකි හෝ ඝාතනයට ලක්වීමේ අවදානමක් සහිත දරුවන් භාර ගැනීමට දිවයිනේ පළාත් 9 ආවරණ වන පරිදි සෑම ප්‍රධාන රෝහලකම විශේෂ අංශයක් පිහිටුවන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසයි.

වයස අවුරුදු හතකට අඩු එවැනි දරුවෝ සිටී නම් එම දරුවාගේ භාරකරුවකුට දිවයිනේ ඕනෑම පළාතක පිහිටි ප්‍රධාන රෝහලක ළමා වාට්ටුවට අනුබද්ධව ස්ථාපිත කරන මෙම ආයතනයට දරුවා භාරදිය හැකි බව ඔහු පවසා සිටියේය.

දෙමාපියන් සහ භාරකරුවන්​ගේ අනන්‍යතාව පිළිබඳව එහිදී කිසිවිටෙකත් ප්‍රමුඛතාව හෝ විශේෂ අවධානයන් නොදක්වන බවත් ඔහු කියා සිටියේය.

සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ එළැඹෙන දෙසැම්බර් මාසය වන විට දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මෙම විශේෂිත ආයතනය ස්ථාපිත කරන බවත් මේ වන විට එයට අදාළ කැබිනට් පත්‍රිකාවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් ය.

අශිකා ජයවීර