News

මව සහ දියණිය සියදිවි හානි කරගෙන

වව්නියාව, පරනට්කල් ප්‍රදේශයේ දී කාන්තාවක තම දියණියද සමග ළිඳට පැන සිය දිවි හානි කර ගැනීමේ පුවතක් වාර්තා වේ.

පසු ගිය 27වන දා සිට එම කාන්තාව සහ අගේ දියණිය අතුරුදහන්ව ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලක් අනුව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසියක දී මෘත ශරීර දෙක සොයාගෙන තිබේ. සිරුරු දෙක ප්‍රදේශයේ ළිඳක තිබී සොයාගෙන තිබෙනවා.

මියගිය කාන්තාව 42 හැවිරිදි වන අතර දියණිය වයස අවුරුදු 03ක් පමණ වන බව පැවසේ.

මිය යාමට ප්‍රථමයෙන් ඇය ලිපියක් ලියා ඇති අතර එහි සියදිවි හානි කර ගන්නා බව සඳහන් කර තිබෙන බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ඕමන්ත පොලීසිය විසින් සිදුකරනවා.