News

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වැඩ භාරගනී

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා වැඩභාරගෙන තිබේ.

බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ දී නව ලේකම්වරයා සිය ධුරයේ වැඩ භාරගෙන තිබුණි.

එම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා, යුධහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලනා ජගත් අබේසිරිගුණවර්ධන මහතා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂක ජෙනරාල් රියද් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති හිටපු යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, මැතිවරණ කොමිෂම් සභාවේ ගරු සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු ඇතුළු පිරිසක් සහභාගි වි තිබේ.

මෑතක දී ස්ථාපනය කළ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රථම ලේකම්වරයා වන්නේ ඔහු ය.