මහනුවර ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය විරෝධතාවක
මේ වන විට කප්පාදුවකට ලක් කොට ඇති බව සඳහන් හෙද කාර්ය මණ්ඩල දීමනා වහා ලබා
දෙන ලෙස ඉල්ලා මහනුවර ජාතික රෝහලේ හෙද කාර්යමණ්ඩලය (13) දින පෙරවරුවේ
සංකේතාත්මක විරෝධතා ව්‍යාපාරයක නියැලුණහ.
මෙහිදී අදහස් පළ කළ සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ප්‍රභාත් පලිපාන මහතා කියා සිටියේ ඉකුත් කොවිඩ් 19 වසන්ගත සමයේ හෙද කාර්ය මණ්ඩලය සඳහා ගෙවිය යුතු නිවාඩු දීමනා හා අමතර දීමනා කප්පාදු ට එරෙහිව මෙන්ම හෙද කාර්ය මණ්ඩල ප්‍රවාහන පහසුකම් විධිමත්ව ලබානොදීමට රෙහිව මෙම විරෝධතා ව්‍යාපාර සංවිධානය කළ බවය.
තවදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් පලකල ප්‍රභාත් පලිපාන මහතා මෙසේ ද කීය. දෙවන කොවිඩ් රැල්ල නොමැතිනම් කොවිඩ් රෝගයේ දිගුවක් මේ වන විට රට පුරා නැවතත් හිස ඔසවමින් පවතිනවා.
මෙම අවස්ථාවේ හෙද කාර්ය මණ්ඩල සහයෝගය රජයට අත්‍යවශ්‍යම වෙනවා. නමුත් පසුගිය සමයේ මෙන් හෙද කාර්ය මණ්ඩලයේ කිසිවෙකුත් ස්වෙච්ඡාවෙන් සේවයට එක් නොවීමට තීරණය කොට තිබෙනවා.
එම තීරණයට එළඹ ඇත්තේ සෞඛ්‍යය සේවා බලධාරීන් විසින් හෙද කාර්ය මණ්ඩලය රැවටීම නිසයි. මෙම විරෝධය පිළිබඳව නිසි අවධානය යොමු කොට අවශ්‍ය පියවර නොගන්නේනම් ඉදිරි
වෘත්තීය පියවරකට යාමට අපට සිදුවෙනවා.
ඉදිරියේදී අපේ සේවය සැලසීම වෙනුවෙන් තීරණාත්මක තීන්දු ගැනීමට කටයුතු කරන්න වෙනවා.
අද මෙම විරෝධතවයට මහනුවර ජාතික රෝහලේ සියලු හෙද සංගම් එකාබද්ධව එක්ව
සිටිනවා .
ඉදිරියේදී තවත් කොවිඩ් රැල්ලක් එසවීමට සූදානම් වන මෙම වේලාවේ හෙද කාර්යමණ්ඩලයේ කප්පාදු කළ දීමනා ලබාදී ඔවුනගේ සේවය කැපවීමෙන් යුක්තව ලබාගැනීමට රජය හා සෞඛ්‍ය බලධාරීන් කඩිනමින් පියවර ගත යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
කමල් සුරවීර මහනුවර
