මහනුවර භූ කම්පන වාර්තාව එයි
මෙරට ඇතැම් භූ කම්පන මාන ක්‍රියාත්මක නොවන බව නිරීක්ෂණයවී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල්, ඉංජිනේරු සජ්ජන ද සිල්වා කීවේය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඊයේ (09 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව කීවේය. පසුගිය කාලයේදී ඇතැම් ආයතන සමග කටයුතු කිරීමේදී භූ කම්පන මාන ක්‍රියාත්මක නොවන තත්ත්වයන් නිරීක්ෂණයවූ බවද ඔහු පවසයි.
මහනුවර වික්ටෝරියා ජලාශය ආශ්රිත ප්‍රදේශවල ඉකුත්දා සිදුවූ භූ කම්පන තත්ත්වය පිළිබඳව එම කාර්යාංශය විසින් කරන ලද අධ්‍යයනයේ මූලික වාර්තාව ඊයේ (09 වැනිදා) මාධ්‍යවලට නිකුත් කරන ලදී. සවිස්තරාත්මක වාර්තාව ඉදිරි සති දෙකක කාලයකදී ඉදිරිපත් කිරීමට නියමිතය.
එම ප්‍රදේශයේ භූමියේ පිහිටා තිබෙන මාබල් පාෂාණය ආශ්රිත නැමි සහ හුණුගල් පාෂාණය ආශ්රිත පීඩනය එළියට නිදහස්වීම අදාළ කම්පන තත්ත්වයට හේතුව බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ (ඛනිජ සමීක්ෂණ) නලින්ද සිල්වා කීවේය.
ඉකුත් අගෝස්තු මස 29 වැනිදා පෙරවරු 2.08,පෙරවරු 6.50 සහ 8.32 ට එම පීඩන තත්ත්වයන් නිදහස්වීම සිදුවිය.
1993, 1998, 2007 යන වසර වලදීද මෙම ප්‍රදේශවල සුළු වශයෙන් කම්පන තත්ත්වයන් සිදුවී ඇතත් සවිස්තරාත්මකව වාර්තාවී නැති බවද නලින්ද සිල්වා කියයි. භූ කම්පන මාන පද්ධතියේ අවහිර තත්ත්වයන් සිදුවූ විට එය කාර්යාංශය මට්ටමින් සිදු කිරීමට අපහසුතා තිබෙන බවත්, ඊට අවශ්‍ය ධාරිතාවය සකස් කරගෙන යන බවත්, කී ඒ මහතා භූ කම්පන මාන පද්ධතියේ දත්ත සන්නිවේදනය වීමේ ගැටලු පැවැති බවද කීවේය.
අදාළ කම්පන තත්ත්වයන් සම්බන්ධව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ මොරටුව විශ්ව විද්‍යාලය සමග සාකච්ඡා කර පුළුල් ලෙස විමර්ශන කටයුතු කරන බව අධ්යක්ෂ ජනරාල්වරයා කියයි.
සාලිය කුමාර ගුණසේකර
