මහනුවර රෝහලේ වෛද්‍යවරයකු හා හෙදියන් නවයකට කොවිඩ්
මහනුවර ජාතික රෝහලේ උගුර, කන හා නාසය පිළිබඳ ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයකු, හෙද නිලධාරිනියන් නවදෙනකු ඇතුළු 19 දෙනකුට කොවිඩ් -19 ආසාදනය වී තිබෙන බව පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.
උගුර, කන හා නාසය පිළිබඳ ප්‍රතිකාර ඒකකයේ හෙද නිලධාරිනියන් දෙදෙනකුට කොවිඩ් ආසාදනය වී තිබෙන බව 26 දින තහවුරුවීමෙන් පසු කාර්ය මණ්ඩලයේ 71 දෙනකු 27 දින පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇත. එම වාර්තාවලට අනුව වෛද්‍යවරයකු ඇතුළු 17 දෙනකුට වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරුව තිබේ.
කමල් සුරවීර -මහනුවර
