News

මහමැතිවරණ දිනය සම්බන්ධ පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

ජුනි මස 20 වනදා මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර ඇති බව වාර්ථා වේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරු එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වශයෙන් කටයුතු කරන බව වාර්තා වේ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන 18 වනදා සහ 19 වනදා යන දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.