News

මහර ගැටුමෙන් මියගිය රැඳවියන්ගේ සිරුරු ඥාතින් හඳුනා ගෙන

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මියගිය රැඳවියන්ගේ සිරුරු ඥාතීන් විසින් හඳුනා ගෙන තිබේ.

සිද්ධියන් රැඳවියන් 11දෙනෙකු මියගොස් ඇති අතර ඉන් රැඳවියන් දෙදෙනෙකු පසුගිය 4වන දා ඥාතීන් හඳුනා ගෙන ඇත. තවත් සිව් දෙනෙකුගේ මෘත ශරීර ඊයේ (05) දිනයේත් ඥාතීන් විසින් හඳුනාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මෙලෙස හදුනාගෙන ඇත්තේ ජාඇල කළු පාළම, වත්තල හුණුපිටිය ,වැලිවේරිය රතුපස්වල, වත්තල එඩේරමුල්ල, අගුරුවාතොට, මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද වර්තාවනවා.

මුලින් හදුනාගත් රැඳවියන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඇති අතර සෙසු සිව්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

ඔවුන් සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් ද සිදු කළ බව අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

එසේම මියගිය රැඳවියන් 11න් පස් දෙනෙකුගේ මළ සිරුරු හඳුනා ගැනීමට නියමිතව ඇත. එසේම මියගිය රැදවියන් 8 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇති බවද රෝහණ මහතා සඳහන් කරනවා.