News

මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනියට කොවිඩ්

මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරිය සහ ඇගේ දරු දෙදෙනා කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.

සභාපතිවරියගේ නිවසේ සේවය කරන කාන්තාවක පසුගිය දිනක අනුරාධපුරයේ පිහිටි තම නිවස බලා කොළඹින් පිටත්ව යන අවස්ථාවේ දංඕවිට ප්‍රදේශයේදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී ඇයට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇත.

ආසාදිත සේවිකාව හඳුනා ගැනීමත් සමඟ මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරියගේ නිවසේ සාමාජිකයන්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී සභාපතිවරියට සහ දරු දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණ වී ඇති බව වාර්තා වේ