මහර සිද්ධිය සොයන්න කමිටු හතරක්ම දමයි
මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයාබලා විමර්ශනය කිරීම සඳහා කමිටු 4ක් පත්කර ඇති බව වාර්තා වේ. ඒ බව උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබේ.
එසේම මියගිය අය සම්බන්ධයෙන් ගනුලබන ක්‍රියාමාර්ග මොනවද හා ඔවුන් වෙනුවෙන් වන්දි මුදලක් ලබාදෙන්නේද ආදී වශයෙන් තීරණය වීම කමිටු වාර්තා අනුව ඒවා ලැබුන පසුව බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
මේ අනුව එම කමිටු 4 වන්නේ
* දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්ෂණයක් කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පත්කළ බන්ධනාගාර කොමසාරිස්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව
* බන්ධනාගාර කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව
* විෂ්‍ය භාර කැබිනට් අමාත්‍යවරයා වන අධිකරණ ඇමතිවරයා පත්කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව
* ස්වාධීන පරීක්ෂණයක් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පත් කළ කමිටුව
