News

මහල් නිවාසවල අයට අල්ලපු ගෙදරට යන්න බෑ

කොළඹ මහ නගර සභා සීමාව තුළ අධික තදබදයක් සහිත මහල් නිවාසවල වෙසෙන පුද්ගලයින් අනෙක් නිවාසවලට ගමන්කිරීම සම්පූර්ණයෙන් නතර කළයුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කොළඹ මහනගර සභා සීමාව තුළදී කොවිඩ් 19 වෛරසය හේතුවෙන් නිවස තුළදී මිය ගිය පුද්ගලයින් කිහිපදෙනෙක් හඳුනා ගත් බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

ඒ අනුව පරික්ෂාවට ලක් නොවූ ආසාදිතයින් නිවෙස්වල සිටිය හැකි බවය විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

“අපි PCR පරීක්ෂණ කරන අතරතුර තවදුරටත් රෝගීන් සිටිනවා. ඔවුන් හඳුනාගැනීමට අපිට අවශ්‍යයි. ඒ නිසා ගෙදරට යන එන අය නිසා ඒ රෝගය තමුන්ගේ ගෙදරට එන්න පුළුවන්. අපි විශේෂයෙන්ම කියන්නේ කොළඹ මහනගර සභා සීමාව තුළ අධික ජනගහන තදබදයක් සහිතව ජීවන්වෙන මහල් නිවාසවගේ ස්ථානවල ජීවත්වෙන අයට, කිසිම විදිහකින් අනෙක් නිවෙස්වලට යෑම සම්පූර්ණයෙන්ම නවත්වන්න කියලා අපි උපදෙස් ලබා දෙනවා,” යනුවෙන් ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කලේය.