News

මහ රැලියකට පිරිස 1000 කරන්නැයි මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ කොවිඩ්-19 සෙෳඛ්‍ය නිර්දේශ අනුව මහා රැලියකට සහභාගි කරවා ගතහැකි උපරිම පිරිස 500 ක් වුවත් එය 1000 ක් දක්වා වැඩි කරන ලෙස දේශපාලන පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.

මේ සම්බන්ධව සෙෳඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සාකච්ඡා කර තීරණයක් ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා තිබේ.

මැතිවරණයට අදාළව මහ රැළි පැවැත්වුණහොත් ඒවා සෙෳඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ පැවැත්වීමටත් තීරණයවී ඇත.

කුඩා රැස්වීම් ප්‍රදේශීය සෙෳඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ අධීක්ෂණය යටතේද, ග්‍රාමීය රැස්වීම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ ග්‍රාම නිලධාරිවරුන්ගේ අධීක්ෂණය යටතේද පැවැත්වීමට නියමිතය.

මහ රැස්වීම්වලදී ජනතාව ඒකරාශිවීම අවම කිරීම සඳහා ඩිජිටල් පුවරු යෙදවීම පිළිබඳව ද අවධානය යොමුවී ඇත.

එමෙන්ම රැස්වීම් සඳහා බස්වලින් ජනතාව ප්‍රවාහනය නොකරන ලෙස ද මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශවල සඳහන්ය.

උදයජීව ඒකනායක

සාලිය කුමාර ගුණසේකර