මාතලේ නගරාධිපති අලුවිහාරේගේ සේවය අත්හිටුවයි
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඩල්ජිත් අලූවිහාරේ මහතාට මාතලේ නගරාධිපති ධූරය දැරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇත.
ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය කොට මාස තුනක් ඇතුළත වාර්තාව ලබා දීමට පරීක්ෂණ කොමිෂන් සභාවක් ද පත් කර ඇත.
අදාළ පරීක්ෂණය සිදුකිරීම සඳහා හිටපු විනිසුරුවරියක් වන සරෝජනී කුසලා වීරවර්ධන පත් කර ඇත.
මාතලේ මහ නගර සභාවේ දැනට නියෝජ්‍ය නගරාධිපති ධුරයෙහි කටයුතු කරන සන්දනම් ප්‍රකාශ් මහතා මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යයන් ඉටුකිරීමට හා බලතල ක්‍රිකාත්මක බලය පවරා තිබේ.
