News

මාලදිවයිනේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු අද (29) මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 4102 දරණ ගුවන් යානයෙන් මාලදිවයිනේ මාලේ ගුවන්තොටුපළේ සිට එම පිරිස පැමිණ ඇත.

මෙම පිරිස මත්තල ගුවන්තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම ගුවන් මගීන් පිරිසට ගුවන්තොටුපළ අවට හෝටල් කිහිපයක තාවකාලිකව නවාතැන් පහසුකම් සළසා දී තිබේ