මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටිය නොහැකියි- නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි
මහ මැතිවරණය ජූනි 20 වනදා පැවැත්වීමට නිකුත් කල ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් ගොණු කල මූලික අයිතිවාසිකම් පෙත්සම්වලදී මැතිවරණ කොමිසම වෙනුවෙන් තමාට පෙනී සිටිය නොහැකි බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙ.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වෙතයි.
නීතීඥ චරිත ගුණරත්න මහතා විසින් මෙම පෙත්සම ගොණු කර තිබෙනවා.
පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වනදා දක්වා කල් දැමීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මේ වනවිට ගොණු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 12 ක්.
