මැදපෙරදිග රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන එයි
මැදපෙරදිග රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 447 දෙනෙකු අද (09) අලුයම දිවයිනට පැමිණ තිබේ.
ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 420 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 27 දෙනෙකු ඒ අතර වන බවයි.
ඊට අමතරව තානාපති නිලධාරීන් 16 දෙනෙකු ද මෙරටට පැමිණ තිබේ.
මේ අතර චීනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 112 දෙනෙකු ද ඊයේ (08) පස්වරුවේ දිවයිනට පැමිණ තිබුණි.
