News

මැදපෙරදිග ලාංකිකයන් පිරිසක් දිවයිනට

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් 03 සිටි ශ්‍රී ලාංකිකයන් 664 දෙනෙකු අද (10දා) අලුයම දිවයිනට පැමිණ තිබේ.

කටාර් හි දෝහා සිට කටාර් ගුවන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් එරට සිටි ශ්‍රී ලාංකිකයන් 81 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 293 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

සෞදි අරාබියේ රියාද් සිට එරට සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.