මැදපෙරදිග සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
මැදපෙරදිග රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙකු ශ්‍රී ලංකා රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මත අද(10) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානයෙන් එරට සිටි ශ්‍රී ලාංකිකයන් 12දෙනෙකු අද දින අලුයම 12.30 ට දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් එරට සිටි තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 16 දෙනෙකු අද දින අලුයම 1.45 ට
පැමිණ ඇත.
කටාර් රාජ්‍යයේ දෝහා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු ද අද දින අලුයම 5.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී , නවලෝක , ලංකා සහ ඩර්ඩන්ස් යන පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව මෙම පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා රැගෙන ගොස් තිබුණි .
