News

මැදපෙරදිග සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි මැදපෙරදිග රටවල් දෙකක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 88 දෙනෙකු මෙරට රජයේ විශේෂ අවසරය මත අද(17) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් 29 දෙනෙකු අද දින අලුයම 12.40 ට අබුඩාබි නුවර සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 37 දෙනෙකු අද දින අලුයම 1.45 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එමෙන්ම කටාර් රාජ්‍යයේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 22 දෙනෙකු අද අලුයම 5.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් සියලු දෙනා කොළඹ සිට පැමිණ තිබූ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල කීපයක් විසින් පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ .