News

මියගිය පියා හීනෙන් ඇවිත් නිධානයක් ගැන කියලා

නිධානයක් ගැනීමට කැණීම් සිදුකරමින් සිටි කාන්තාවන් දෙදෙනකු වේයන්ගොඩ පොලිසිය විසින් පෙරේදා (06දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මීරිගම පදිංචි මෙම කාන්තාවන් දෙදෙනාගේ මහගෙදර පිහිටා ඇත්තේ පල්ලේවෙල බෝරුක්ගමුව ප්‍රදේශයේය.

එම මහ ගෙදර පිටුපස නිධානයක් තිබෙන බව මියගිය පියා හීනෙන් ප්‍රකාශ කළ බව අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන් පොලිසියට පවසා ඇත.

දෙදෙනකු හවුල් කරගෙන මෙම කැණීම් කළේ පියාගේ එම ප්‍රකාශය නිසා යැයිද ඔවුන් පවසා තිබේ.

වේයන්ගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂක කේ.ඒ. මහින්දට ලද තොරතුරක් මත එම ස්ථානයට යනවිට එතැන සිටි එම පුද්ගලයන් දෙදෙනා පලාගොස් තිබේ.

වේයන්ගොඩ පොලිසිය විසින් ස්ථානීය පරීක්ෂණයක් සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

හේමන්ත ලියනපතිරණ