මියගිය මුස්ලිම් කතට කොවිඩ් බව කීවැයි මරණ පරීක්ෂකට මරන තර්ජන
මග්ගොන ප්‍රදේශයේ මියගිය අසූ හැවිරිදි මුස්ලිම් කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව අන්තවාදී යැයි කියන මුස්ලිම් ජාතිකයන් කිහිපදෙනකු මග්ගොන ප්‍රදේශය භාර හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් නෆීර් මොහොමඩ් නස්රිට මරණ තර්ජන එල්ල කර තිබේ.
පීසීආර් පරීක්ෂණයකින් තොරව මළසිරුර නිදහස් නොකළ නිසා ඔහුට මෙම මරණ තර්ජන එල්ල වී ඇතැයි මරණ පරීක්ෂකවරයා පවසයි.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ කළුතර දිස්ත්‍රික් සංවිධායක එස්.ඒ. කුමසාරුගෙන් විමසූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඒ පිළිබඳ දැනුවත් කර ඇති බවය.
ඒ අනුව පොලිසිය මෙම සිදුවීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇත.
හේමන්ත ලියනපතිරණ
