මියන්මාරයේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 74ක් රැගත් ගුවන් යානයක් දිවයිනට
කොරෝනා වෛරසය හේතුවෙන් ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව මියන්මාරයේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 74 දෙනෙකු යළි මෙරටට පැමිණ ඇත.
ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළේ මියන්මාර ගුවන් සේවයට අයත් 8 M.- 611 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම පිරිස අද (16) දහවල් 12.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි.
මොවුන් සියලුදෙනා ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජ හරණය කිරීමට ලක් කළ අතර , ඔවුන් අතර කොරෝනා ආසාදිත රෝගීන් සිටී දැයි විමසා බැලීමක් ද සිදු කර තිබේ.
ඉන් අනතුරුව ඔවුන් නීරෝධායන කටයුතු සඳහා විශේෂ බස් රථ මගින් ශ්රී ලංකා යුධ හමුදාව විසින් ගෙන ගාස් ඇත.
