මිලියන 3.7ක් වටින කහ මන්නාරමෙන්
කමාන්ඩෝ භටයින් දැක පලායාමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන කරන ලද ප්රශ්ණ කිරීම් වලදී මෙම කහ තොගය පිලිබඳ තොරතුරු සොයාගෙන ඇත.
54 වන සේනාංකයේ සහ කමාන්ඩෝ භටපිරිසත්, 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිසත් කළ මෙහෙයුමකදී කහ තොගය සොයාගෙන ඇත.
කරන ලද ප්රශ්ණ කිරීම් වලදී මන්නාරම කොන්ඩච්චි ප්රදේශයේ සඟවා තිබූ කහ තොගය සොයාගෙන ඇත. කහ තොගයේ වටිනාකම රුපියල් මිලියන 3.7ක් පමණ වටිනා කහ කිලෝ ග්රෑම් 946ක් බව පැවසෙනවා.
තොරතුරු අනාවරණය වීමෙන් පසු භට පිරිස විසින් කහ තොගය සහ සැකකරු අත්අඩංගුවට ගෙන වැඩි දුර පරීක්ෂණ සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදී ඇත.

