News

මුඛ ආවරණ නැති 327කට ඊයේ දවසේ නඩු

බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව මුඛ ආවරණ භාවිත නොකිරීම පිළිබඳ නඩු තුන්සිය විසි හතක්ද සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම පිළිබඳ නඩු හතළිස් හයක්ද ඊයේ (26 වැනිදා) දිනයේ පමණක් ලබාගෙන ඇත.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි පැවැති ඇඳිරි නීතිය ඉවත් කොට සාමාන්‍ය පරිදි දෛනික කටයුතු ආරම්භ කිරීමේදී නිරෝධායන නීතින් කඩකිරීම් සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි සිදුකළ පරීක්ෂාවන් අනුව මෙලෙස නඩු ලබාගෙන තිබේ.

බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන එකසිය දාහතරක පොලිස් නිලධාරීන් කුඩා කණ්ඩායම් වශයෙන් යොදවා මෙලෙස මෙම මෙහෙයුම සිදුකොට ඇත.

හේමන්ත ලියනපතිරණ