News

මුත්තියන්කට්ටු රක්ෂිතයේ අතරමන් වු වෛද්‍ය සිසුන් බේරා ගැනේ

පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ මුත්තියන්කට්ටු රක්ෂිතයේ ගවේෂණ චාරිකාව යෙදී සිටිය දී අතරමන් වු යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් 9 දෙනා අද(16) උදෑසන සොයා ගෙන තිබේ.

ඊයේ (15) දිනයේ දී මෙම සිසුන් රක්ෂිතයේ අතරමන් වී ඇති බවට බවට ලද තොරතුරක් මත ඔඩ්ඩුසුඩාන් පොලීසිය විසින් සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

පොලීසිය, ප්‍රදේශවාසීන් හා ශ්‍රී ලංකා යුද හමුදාවේ 64 වන බලසේනා මුලස්ථානයේ භට පිරිස්වල සහය ඇති ව මෙම සිසුන් නිරුපද්‍රිතව අද උදෑසන මුදා ගෙන ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානය වෙත රැගෙන ආ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.