News

මුතුරාජවෙල සංවර්ධනය කලහොත් එය කාල බෝම්බයක් විය හැකියි

මුතුරාජවෙල යම් කටයුත්තක් සදහා යොදා ගැනිමට සංවර්ධනය කලහොත් එය කාල බෝම්බයක් විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භවිද්‍යා අධ්‍යන අංශයේ ජේශ්ඨ මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.

මහාචාර්‍යවරයා මේ බව සදහන් කළේ මුතුරාජවෙල සම්බන්දව මාධ්‍ය දැනුවත් කිරිම සදහා ඊයේ (10) පේරාදෙණියේදි පැවැත්වු මාධ්‍ය හමුවකදිය.

මුතුරාජවෙල පරිසර පද්ධතියේ භුගතව ඇති ආසනික් අනිකුත් බැර ලෝහ සමග සම්බන්ද වි ඇති නිසා මෙම ඛනිජ වාතයට මුසු වු විගසම ජලයේ දියවිම ඉතා අධික බැවින් ජලය දුෂනය විම නැවැත්විය නොහැකි බවද මහාචාර්‍යවරයා පැවැසිය.

දසක තුනක පමන මුතුරාජවෙල සම්බන්දව කළ අධ්‍යන වලදි කළ පර්යේෂනයන් අනුව එයට අත තිබිය හොත් එයින් ඇතිවන අවධානම නතර කළ නොහැකි බවත් මෙවැනි භුමියක් සංවධන කටයුත්තක් කළහොත් එහි ඇති ලෝහ ඉතා පහසුවෙන් භුගත ජලයට මුසුවිය හැකි බවත්, එසේ වුවහොත් එම ප්‍රෙද්ශ වල සිටින ජනතාවට විශාල කරදර රාශියකට මුහුණ දිමට සිදුවන බවද මහාචාර්‍යවරයා සදහන් කළේය.

මෙයට ඇති හොදම උදාහරණය බංගලදේශයේ මෙවැනිම ජලාශ්‍රිත ප්‍රදේශයක ජනයා පදිංචි කර ඔවුන්ට කුඩා ජල නළ මගින් නළ ළිං ඉදිකර ජලය ලබා දි ඇති බවත් මේ නළ ලිං ඉදි කිරිමේදි භු රාසායනය පිළිබදව කිසිවක් නොබලා ජල සැපයුම් දිම නිසා මෙම ජලය ආසනික් විශ සහිත ස්ථර හරහා මෙම ජලය පානය කිරිම නිසා එම ‍‍‍‍ප්‍රදේශ‌යේ පදිංචි කළ ජනතාව සිය ගනනින් මිය ගිය බවත් දහස් ගණනින් රෝගා බාධ වලටද යොමු වු බවද මහාචාර්‍යවරයා සදහන් කළේය.
එහිදි මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා මෙසේද පැවැසිය.

එවෙනිම වු භු රසායන තත්වයක් මුතුරාජවෙල ඇති බවත් මෙම ප්‍රදේශය යම් කටයුත්තක් සදහා සංවර්ධනය කල හොත් මුතුරාජවෙල පරිසර පද්ධතියේ භුගතව ඇති ආසනික් අනිකුත් බැර ලෝහ සමග සම්බන්ද වි ඇති නිසා මෙම ඛනිජ වාතයට මුසු වු විගසම ජලයේ දියවිම ඉතා අධික බැවින් මෙම බැර ලෝහ ජලයේ ඉතා ඉක්මනින්ම දියවන බවත් එයින් ජලය දුෂනය විම නැවැත්විය නොහැකි නිසා මෙම ප්‍රෙද්ශයේ සංවර්ධන කටයුතු කිරිම ඉතාම අවධානම් බව සදහන් කළ මහාචාර්‍යවරයා මුතුරාජවෙල සම්බන්ද පර්යේෂන කෘති රාශියකින් ප්‍රකාශ කර සිටි බවත් 1992 දි පමන ලියවුනු මුතුරාජවෙල මාසටර් පෑන් එකේදි අපට අදාල කොටසේ මෙහි තිබෙන අවධානම ලියා ඇති බවද සදහන් කළේය.

මුතුරාජවෙල වසර 39 000 ට හා 40 000 ට පෙර කලපුවක් බවත් එය ක්‍රමක් ක්‍රමයෙන් ගොඩවි මෙය සැදි ඇති බවත් මෙහි මුහුද ආශ්‍රිතන අවසාධිත තැන්පත් විමේදි ඒ සමගම මුහුදු ජලයෙන් නිස්සාරනය වි ලෝහ රාශියක් මෙහි එක් එක් ස්ථර වල තැන්පත් වි ඇති බවත් මේ තැන්පත් වි ඇති ස්ථර අතර ආසනික් , රසදිය , හා අනිකුත් බැර ලෝහ ඇති අතර මේවා ස්භාවිකවම මුහුදු ජලයෙන් හා ශාක මගින් නිස්සාරණය වි එක්රැස් වු මුලද්‍රව්‍ය බවත් මෙය ස්භාවික තත්වයක් නිසා කිසිවෙකුට වෙනස් කිරිමට නොහැකි බවත් මෙහි සංවරධන කටයුත්තක් සිදුවුවහොත් මෙහි ඇති පෝහ ඉතාමත් පහසුවෙන් ජලයේ දියවි ප්‍රෙද්ශයේ ජනතාවට විශාල ගැටලුවකට මුහුන දිමට සිදුවන බැවින් කිසිදු සංවර්ධන කටයුතුතකට මෙය නුසුදුසු බවත් ඇතිතේ මුතුරාජ වෙල පරිසරය ආරක්ෂාකර සොභාව සෞදර්්‍ය විදිමට ඉඩ හැරිම බවද මහාචාර්‍යවරයා සදහන් කළේය.

මුතු රාජවෙල විශේෂ පරිසර පද්ධතියක් ඒ සම්බන්දව අවධානය යොමු උනේ 1977 හා 1978 වගේ වරශවලදි ඒ එම මුතුරාජවෙල යට තැන්පත් වි ඇති අවසාධිතයක් නිසා. එහි ඇති ඉන්ධන ගති ගුන පෙන්වන අවසාධිතය නිසා පිංලන්ත ගවේශකයන් කංඩායමක් ඇවිත් මොයා ගත්ත එය ඉන්ධන අවසාධිතයක් තමයි නමුත් එහි සල්ෆඒ ( ගෙන්දගම් ) ප්‍රමාණයක් අඩංගු වි ඇති බවත් එම නිසා එය ඉන්ධනයක් හැටියට භාවිතා කිරිමට නොහැකි බව පවසමින් අත් ඇර දැමු බවද මහාචාර්‍ය වරයා සදහන් කළේය.

එම අවස්ථාවේදි පේරාදෙනිය භු ගර්භ විද්‍යා අංශය ඒ සම්බන්දව අවධානය යොමු කරමින් මෙහි ගවේශනයන් පටන් ගත් බවත් 1978 මුල්ම නිබන්දනයක් 1979 දි තමාත් නිබන්දනයක් ලියු බවද සදහන් කළ අතර 1984 සිට 1987 දක්වාම මුතුරාජවෙල සම්බන්දව අධ්‍යනය කල බවත් මේ නිසා මුතුරාජවෙල සම්බන්දව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ලර්භ විද්‍ය අංශයට ඇති බවද මහාචාර්‍යවරයා සදහන් කළේය.

භාරත මෙන්ඩිස්