මුලතිව් වල දෙදෙනෙක්ට කොවිඩ්
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මසුන් ගෙන ගිය මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ටී. ගාන්ධීපන් ඊයේ (01 වැනිදා) ‘අරුණ’ට පැවසීය.
කොවිඩ් ව්‍යාප්තිය පැතිරුණ දිස්ත්‍රික්කවලින් කොවිඩ් ආසාදිතයන් වාර්තා නොවූ දිස්ත්‍රික්ක දෙක අතර පසුගිය සතිය වනතුරු මුලතිව් දිස්ත්‍රික්කයක් පැවතිණි.
මාළු ව්‍යාපාරිකයකුගේ ලොරි රථයක් පැදවූ රියැදුරකු සහ එම ලොරියේ සහායකයාට මෙලෙස වයිරසය ආසාදිත වී ඇතැයි ද අධ්යක්ෂවරයා කීය.
එෆ්. අස්ලම්
