මුල්ලේරියාවට චීනෙන් එයි
මුල්ලේරියාව රෝහලේ අක්‍රීය වී ඇති පී.සී.ආර්. යන්ත්‍රය අලුත්වැඩියාව සඳහා චීන නියෝජිතයෙක් අද (30 වැනිදා) පැමිණීමට නියමිතය.
මෙම නියෝජිතයා පැමිණෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කළ මැදිහත් වීමක් මත යැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රදානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
මුල්ලේරියාවේ පී.සී.ආර්. යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට මෙරට තාක්ෂණික නිලධාරීන් උත්සාහ කළද එයද ව්‍යර්ථ වීම නිසා එම යන්ත්‍රය මෙරටට ගෙන්වූ චීන සමාගමේ නියෝජිතයකු ගෙන්වීමට තීරණය කර ඇත.
මෙම යන්ත්‍රය අක්‍රියවීමෙන් දින දෙක තුනක් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ප්‍රමාද වූ බවත් මෙමගින් අවස්ථානුකූලව ගත යුතු තීරණ (Real Time d) ගැනීමේ ගැටලුවක් පැන නැගුණු බවත් යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නේය.
යන්ත්‍ර කැඩී වාර්තා ප්‍රමාද වී සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ද අවධානය යොමුව ඇති අතර ඉක්මනින් වාර්තා ලබාගත හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා දැන්වූ බවත් යුදහමුදාපතිවරයා පෙන්වා දුන්නේය.
මුල්ලේරියාව පී.සී.ආර්. යන්ත්‍රය අක්‍රිය වීමෙන් සාම්පල විසිදහසකට ආසන්න ප්‍රමාණයක ප්‍රතිඵල නිකුත් කිරීමේ ගැටලුවක් මතු වී ඇත.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
