News

මුළු ලෝකයම මිනිස්සු භයානක මරණයට එළිපත්තේ

ආසාදනවලට එරෙහිව සටන් කිරීමට උපකාරී වන ප්‍රතිජීවක ඖෂධ වලට එරෙහිව ක්ෂුද්‍ර ජීවීන් දක්වන ප්‍රතිරෝධීතාවය වැඩිවීම හේතුවෙන් ප්‍රතිජීවක ඖෂධ වල මෑතක සිට විෂබීජවලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව අඩුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙය ක්ෂුද්‍ර ජීවී නාශක ප්‍රතිරෝධීතාවය ලෙස හදුන්වන අතර ක්ෂ්‍රද්‍ර ජීවී නාශක ප්‍රතිරෝධීතාවය නිසා සාමාන්‍ය ආසාදන වුවද මාරාන්තික තත්වයකට පත් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙන වීඩියෝවක සඳහන් වේ.

මෙසේ ක්ෂ්‍රද්‍ර ජීවී නාශක ප්‍රතිරෝධීතාවය නිසා උග්‍ර වන ආසාදන හේතුවෙන් ලොව පුරා සෑම වසරකම පුද්ගලයන් හත් ලක්ෂයක් පමණ මරණයට පත් වන බව එම වීඩියෝවේ සදහන්ය.

“මෙම ක්ෂ්‍රද්‍ර ජීවී නාශක ප්‍රතිරෝධීතාවය 2050 වසර වන විට කෙතරම් උග්‍ර වන්නේද කිවහොත් ආසාදන සදහා ප්‍රතිකාර නොමැති වනු ඇත.” ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වීඩියෝව මගින් අනතුරු අගවා තිබේ.

අනාගතයේ මරණ වලට මෙය ප්‍රධානම හේතුව වනු ඇති බවත් එම වීඩියෝවේ වැඩි දුරටත් දැක්වේ.