News

මෙරටට ගෙන්වීමට නියමිත තෙල් ඇණවුම් අවලංගු කිරීමට පියවර

ඉන්ධන ගබඩාවල ඉන්ධන පිරී තිබීම හේතුවෙන් නව ඉන්ධන ඇණවුම් අවලංගු කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා පවසයි.

ඒ මහතා සදහන් කළේ රටේ පරිභෝජනය සදහා මාසයක කාලයක් සදහා ඉන්ධන තොග ගබඩා කර ඇති බවයි.

මේ හේතුවෙන් කිසිදු බියක් ඇති නොකරගන්නා ලෙසට ඔහු ජනතාවට දැනුම් දී සිටියි.

කෙසේ වෙතත් විදෙස් රටවලින් ඇණවුම් කළ ඉන්ධන රැසක් අවලංගු කිරීමට සිදුව ඇති බව මොහොමඩ් උවයිස් මහතා පවසයි.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ වර්තමානය වන විට රට තුළ ඉන්ධන භාවිතය සියයට 50ක් දක්වා පහත බැස ඇති බවයි.