News

මෙරට කොරෝනා ආසාදිතයින් 1796 ක් දක්වා ඉහළට

මෙරටින් තවත් කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් 6දෙනෙකු අද (04) රාත්‍රී 10.30 වන විට වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1796 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරස ආසාදිතයින් 946 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 839කි.

මේ වන විට COVID 19 ආසාදිතව 11 දෙනෙකු මිය ගොස් ඇත.