News

මෙරට කොවිඩ් ආසාදිතයින් 2763ක් ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් අද (24) සවස 3 වන විට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2763ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් 9 දෙනෙක් හා නිරෝධායනයට ලක්වෙමින් සිටින කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.