News

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 260 ක්

තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු අද(09) සවස 5.30 වන විට සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 260 ක් වෙයි.

අද දිනයේ දී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පුද්ගලයින් ගණන 20 ක්.

මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදනය වූ පළමු නාවික හමුදා සෙබලා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.