මෙරට 12 වන කොවිඩ් මරණය වාර්තාවේ
ඉන්දියාවේ සිට පැමිණි කොවිඩ් ආසාදිත කාන්තාවක් මරණයට පත්වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ 12 වන කොවිඩ් ආසාදිත මරණය වාර්තාවී තිබෙනවා.
47 හැවිරිදි මියගිය කාන්තාව , ඇය ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඊයේ (22) රාත්‍රියේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච් රෝහලට රැගෙන ඒමෙන් පසු මියගොස් ඇත.
මියගිය කාන්තාව පිළිකා රෝගයකින් පෙළුන කෙනෙක් වන අතර ඇය හදවත් රෝග ලක්ෂණ පෙන්නුම් කළ කාන්තාවක් බවද පැවසේ.
මෙසේ මියගොස් ඇත්තේ මාවතගම, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.
මේ බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව නිල නිවේදනය නිකුත්කර ඇත.
එමෙන්ම මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2947 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
