News

මෙරට 20 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 20වන කොරෝනා වෛරස් ආසාදිත මරණය වාර්තා වී ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ 54 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි

ඇය කොළඹ ජාතික රෝහලේ වමනය සහ දියවැඩියාව රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) මියගොස් තිබේ.

ඇයගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව අද පෙරවරුවේ ලැබුණු බවත් ඒ අනුව ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වේ.