News

මේජර් ජනරාල් සංජීව මුණසිංහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයට

සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා පත්කර ඇත.

ඔහු යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ යුද හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති නිලධාරියා වේ.

1960 ජනවාරි 29 වන දින ඔහු උපත ලැබු අතර, කළුතර ඥානෝදය විද්‍යාලයෙන් කළුතර සහ තිස්ස විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.

උසස් පෙළ සමත් වූ පසු ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ අතර 1986 දී MBBS උපාධිය සම්පූර්ණ කළේය.

වෛද්‍ය උපාධිය සම්පුර්ණ කිරීමෙන් පසු 1986 ඔහු ශ්‍රි ලංකා යුධ හමුදාවට එක් වු අතර, මුලික යුද්ධ පුහුණුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයෙන් හදාරා කපිතන් වරයෙක් ලෙස ශ්‍රි ලංකා යුද හමුදා වෛද්‍ය බලකායට අනුයුක්ත කරන ලදී.