යතුරුපැදි දෙකක් මතට ගසක් කඩාවැටි දෙදෙනෙක් මරුට
මෙලෙස සිදුව ඇත්තේ මුලතිව් – කෝකිලායි මාර්ගයේ උන්නාපිලව් ප්රදේශයේ දී මාර්ගයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදි දෙකකටයි . ගස කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ එක් යතුරුපැදියක පැදිකරු සහ පසුපැදිකරු මුලතිව් රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත. මේ බව පොලීසිය සඳහන් කර ඇත.
වයස අවුරුදු 21 ක් සහ 33 ක් වන පුද්ගලයන් දෙදෙනෙක් මෙලෙස මියගොස් ඇත.මොවුන් නැගෙනහිර මුල්ලියාවේලී ප්රදේශයේ පදිංචිව සිටි දෙදෙනෙකි.
