යාපනයේ ආපනශාලාවක සේවකයෙක් හදිසියේ මැරිලා
යාපනය කන්කසන්තුරය වීදිය ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක සේවකයකු ඊයේ (24 වැනිදා) උදෑසන මියගොස් ඇතැයි යාපනය පොලිසිය පැවසීය.
මීට දින තුනකට පෙර අදාළ වෙළෙඳසල වෙත පැමිණ සේවය කළ පුද්ගලයකු එලෙස මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක පුද්ගලයෙකි. මළ සිරුර කොවිඩ්-19 පරීක්ෂාවකට යොමු කොට ඇති බවද යාපනය සෞඛ්‍ය අංශ පැවසීය.
ආපනශාලාවේ අනෙකුත් සේවකයන්ට සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රැඳී සිටින ලෙස නියෝග කොට ඇති බවද සෞඛ්‍ය අංශ පැවැසීය.
මාධව කුලසූරිය – වවුනියාව
