යාපනයේ මැතිවරණ නීති කඩකිරිම් වැඩි වෙලා
වෙනත් පාර්ලිමේන්තු මැතිවරණයන් සාපේක්ෂව මෙවර මැතිවරණයේ ප්රචන්ඩ ක්‍රියා අඩු බවක් දක්නට ලැබෙන අතර මෙය මැතිවරණ ඉතිහාසයේ ඉතා හොද ප්රවනාතාවයක් බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ සුරංගි ආරියවංශ මහත්මිය පැවසුවාය.
ඒ අනුව මේ දක්වා කැෆේ සංවිධානයට ලැබි ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 648 ක් බව මාතර දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනාවරණය කළාය
මහජන දේපල භාවිතා කිරීම්, රාජ්‍ය සේවකයන් දේශපාලන සදහා යොදා ගැනීම දේපල හානි,ස්ථාන මාරුකිරීම්, මේ පිළිබඳ පැමිණිලි 272 ක් වාර්තා වෙයි. නීති විරෝධී ප්‍රචාරන 419 ක්, සෞඛ්‍ය නීතිරීති උල්ලණ්ඝනය කිරීම් 72 ක් ,සුළු සිද්ධි 03 ක් ද කැෆේ
සංවිධානයට වාර්තාවී ඇත. ප්රචන්ඩ ක්‍රියා යටතේ දේපල හානි කිරීම් 03 පහරදීම් හා තර්ජනය කිරීම් 14 ක්, වෛරී හා ව්‍යාජ ප්‍රකාශන 53 ක් , වෙනත් සිද්ධීන්14 ක් වාර්තා වෙන බව විධායක අධක්ෂිකාව කීවාය. ඉදිරි කාලසීමාවේදී සනිඳුමළු,පොතුවිල්,අක්කරේ පත්තුව, කින්යා,පොලොන්නරුව,අනුරාධපුර,කඩුවෙල , හැටන්,නාවලපිටිය,තංගල්ල, කාංතන්කුඩි, එරාවුල් ,යාපනය වැනි ප්‍ර දේශවල මැතිවරණ නීති උල්ලන්ඝනය කිරීම්වල ඉහළයාමේ ප්රවනතාවයක් දක්නට ලැබෙන බව මේ වන විට චන්ද දායකයන්ට චන්දය
ප්‍රකාශ කිරීම අවසර ලබා නොදෙන සේවායෝජකයන් පිළිබඳව වාර්තා වෙන බවත්, මැතිවරණ කොමිෂමේ නියමයන්ට අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඉඩ ලබා නොදෙන සේවා යෝජකයන් පිළිබඳව දන්වන ලෙස වැඩකරන ජනතාවගෙන් ඇය ඉල්ලීමක්
කරනවා.ඒ අනුව 0114341 624 මගින් දැනුවත් කිරීම් සිදු කළ හැකිය.
මහින්ද තැළිකොරාලගේ
