යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්වයක්
යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී ඊයේ (08) දිනයේ රාත්‍රියේ දැඩි නොසුන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත.
විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කර තිබූ එල්.ටී.ටී.ඊ. සැමරුම් ස්මාරකයක් ඉවත් කිරීමට පාලන අධිකාරිය කටයුතු කිරීමත් සමඟ විරෝධතාවක් එල්ල වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවා තිබූ බව වාර්තා වනවා.
