News

යුද හමුදාට නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයෙක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් දුමින්ද සිරිනාග මහතා පත්ව තිබේ.

ඔහු ඊයේ (01දා) දින බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ.