රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි රජයේ ප්‍රකාශන කාර්යාංශය හෙට (01) සිට යළි මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට තීරණය කර තිබේ.
කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා තිබූ එම කාර්යාංශය නියමිත සෞඛ්‍ය උපදේශයන්ට අනුකූලව හෙට විවෘත කිරීමට නියමිතයි.