News

රටවල් තුනක රැදී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස් රටවල් තුනක රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 640දෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ කුවේට් සිට මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස අද අළුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව අප වාර්තාකරු සදහන් කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 288දෙනෙකු, කටාර් සිට 59දෙනකු සහ කුවේට් සිට 293දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

මොවුන් සියලුදෙනා ගුවන් තොටුපළේදීම පී.සී.ආර්. පරීක්ෂණ වලට භාජනය කිරීමෙන් අනතුරුව නිරෝධායනය මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.