News

රටේ අනාගතයට සුදුස්සන් පාර්ලිමේන්තු යවන්න

ඉදිරි පස් වසරේ දී මෙරටේ අනාගතය වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ ගන්නා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදුස්සන් තෝරා යවමින් පුරවැසි යුතුකම ඉටු කරන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඊයේ (03දා) ඉල්ලා සිටියහ.

මෙම මැතිවරණය රටේ ඉදිරි අනාගතය තීරණය කරන අවස්ථාවක් බවට කිසිදු සැකයක් නැතැයි පැවැසූ කාදිනල් හිමියෝ පුරවැසියන් ලෙස මෙම මැතිවරණයට සහභාගී වීමේ වගකීමක් ඇති බවද පැවැසූහ.

අගරදගුරු මැදුරේ සිට ඊයේ (03දා) අන්තර්ජාලය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කළ උන්වහන්සේ පුරවැසි යුතුකම ඉටුකිරීම සඳහා හැකි ඉක්මනින් ඡන්දපොළට ගොස් මැතිවරණ කොමිසම, ආරක්ෂක අංශ ඉදිරිපත් කළ උපදෙස් සහ සෞඛ්‍ය අංශයේ කොවිඩ් – 19 මාර්ගෝපදේශයන්ට එකඟව මනාපය ප්‍රකාශ කරන ලෙසද ඉල්ලා සිටියි.

මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසන්නේ යුතුකම ඉටුකර මැතිවරණය අවසානයේ කිසිවකුට හිංසා පීඩා නොකර වගකීමෙන් යුතුව සාමකාමීව කටයුතු කරන ලෙසය.

අජිත් අලහකෝන්