රටේ අවශ්‍යතාවන්ට ගැලපෙන්න ශ්‍රම බලකාය සාදනවා
2020 මහ මැතිවරණයේ දී ජනතාව ලබා දුන් තුනෙන් දෙකක බහුතර බලයක් සහිත දැවැන්ත ජන වරම මෙරට ආර්ථික සංවර්ධනය සඳහා යොදාගත යුතුව ඇතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ පැවසීය.
බැසිල් රාජපක්ෂ මෙසේ පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ (Planning Service Association) නියෝජිතයින් සමඟ පෙරේදා (15වැනිදා) අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදීය.
ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත ජන වරමක් ලබා දුන් ජනතාව මෙරට සංවර්ධනයේ පැහැදිලි වෙනසක් අපේක්ෂාවෙන් සිටින බවත්, එම වෙනස උදාකිරීම සඳහා සැලසුම් සේවයට අති විශාල කාර්යභාරයක් පැවරී ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමේ රජයේ වැඩපිළිවෙළට තම සංගමයේ දායකත්වය ලබා දීමට කැමැත්තෙන් පසුවන බව පෙන්වාදුන් ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමය ඒ සඳහා ආයතනික ව්‍යුහය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය බැසිල් රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළේය.
සමස්ත රාජ්‍ය සේවය පිළිබඳවම අවධානය යොමුකර එම ව්‍යුහාත්මක හා පරිපාලනමය වෙනස්කම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීමට කටයුතු කරන බව එහි දී බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සංගමයට වෙත දන්වා සිටියේය.
තව දුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේ රටේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මෙම ශ්‍රම බලකාය කළමනාකරණය කිරීම සිදු කළ යුතු බවත් ය. විශේෂයෙන්ම මෙරට අධ්‍යාපනය සහ වෘත්තිය පුහුණුවට අදාළ සැලසුම් සකස් කිරීමේ දී ශ්‍රම බලකාය අරමුණු කරගත යුතු බව ද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වාදුන්නේය. සංවර්ධනය යන්න යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට විහිදුණු ජනතා සහභාගීත්වය සහිත පුළුල් සංවර්ධන ක්‍රියාදාමයක් දක්වා ගමන් කළ යුතුව ඇති බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා ඊට අවශ්‍ය විවිධ රාජ්‍ය ආයතන විසින් එකතු කරන දත්ත විශ්ලේෂණය කොට සැලසුම් සකස් කිරීමටත් ඒ සඳහා අවශ්‍ය දත්ත එක්රැස් කර වර්තමාන හා අනාගත අවශ්‍යතා සඳහා භාවිතා කළ පරිදි හැකි දත්ත සංරක්ෂණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමේ අවශ්‍යතාවද වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
