News

රට මත්පැන් බී අයෙක් මරුට

විදෙස් රටකින් රැගෙන පැමිණි බව කියන මත්පැන් වර්ගයක් පානය හේතුවෙන් අසාධ්‍ය වූ පුද්ගලයෙක් මරණයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරනවා.

එම මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ආසාද්මිකතා ඇති වූ තිදෙනෙක් මීරිගම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු මෙලෙස මරණයට පත්වී තිබේ. මෙලෙස මරණයට පත්වී ඇත්තේ ගල්නෑව වෙරුම්කුලම, නෑගම්පහ පදිංචිකරුවෙකු වන බව පැවසේ.

අඹේපුස්ස මොට්ටෑවවත්ත ප්‍රදේශයේ අවමගුල් උත්සවය කට මොවුන් සහභාගී වී ඇති අතර පිරිස එදින (13 දා ) රාත්‍රියේ අවමගුල තිබුන නිවසට යාබද නිවසක කොළඹ වරායේ සේවය කරන පුද්ගලයකු මෙම මත්පැන් බෝතලය ලබාදී ඇති බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන ඇති අතර එහි මත්පැන් වර්ගය සම්බන්ධ නිශ්චිත සඳහනක් නොමැති බවද පැවසෙනවා.

මරණයට පත් පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණය සහ හදිසි මරණ පරීක්ෂනය පැවැත්වීමට නියමිතයි.