News

රට ලී වලට වසරකට කෝටි 100ක් වැය වෙනවා

මෙරට ප්‍රමාණවත් තරම් දැව තිබියදී පිටරටින් දැව ආනයනය කිරීම සඳහා වසරකට රුපියල් කෝටි සියයක පමණ මුදලක් වැය කරන බව දැව සංස්ථාවේ සභාපති උදය වලිසිංහ පවසයි.

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයෙන්ම ඉරන ලද දැව ආනයනය කරන අතර වැඩි වශයෙන්ම දැව ගෙන එන්නේ මැලේෂියාවෙනි.

මෙලෙස ඉරූ දැව ඝන මීටර් ලක්ෂ එක හමාරක් පමණ වසරකට ආනයනය කෙරෙන බවද සභාපතිවරයා පැවසුවේය.

රටේ ප්‍රමාණවත් දැව තොග තිබෙන නිසා ආනයනය සීමා කිරීමට දැව ආනයනයේ දී විශාල බදු මුදලක් පැනවීමට වනජීවී සහ වන රංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත.

සාලිය කුමාර ගුණසේකර