රට සාමාන්‍යකරණය කිරීමේ අවසන් අදියර ලෙස දරුවන් පාසලට ගෙන එනවා
කොරෝනා වෛරසයත් සමග වසාදැමූ පාසල් නැවත විවෘතකර දරුවන් පාසලට ගෙන එන්නේ රට සාමාන්‍යකරණය කිරීමේ අවසන් අදියර ලෙසයි.
පාසල් ආරම්භකරන දිනය ලබන සතියේ ප්‍රකාශයට පත්කර අදියර හතරක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමට පියවරගන්නා බව අධ්‍යාපන යෞවන කටයුතු හා ක්‍රීඩා අමත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මාතර දිස්ත්‍රික් කොරෝනා පාලන කමිටු රැස්වීමට ඊයේ (11) දින එක්වෙමින් අමාත්‍යවරයා එලෙස පැවසීය. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
සෞඛ්‍ය අංශ උපදෙස් අනුව පාසල් ආරම්භ කිරීමේ පළමු අදියර ලෙස සියළු පාසල් විෂබීජහරණයට ලක්කරනවා. විෂබීජහරණය කර දින හතරක් පාසල් වසා තබනා ලෙස සෞඛ්‍ය අංශ අපට උපදෙස් ලබාදී තිබෙනවා.
දෙවැනි අදියර යටතේ විදුහල්පතිවරු හා ගුරුභවතුන් පාසලට පැමිණ අවශ්‍ය කටයුතු යොදනවා. තෙවන අදියර යටතේ සාමාන්‍ය පෙළ හා උසස්පෙළ දරුවන් පාසලට ගෙන්වනවා. අවසන් අදියර ලෙසයි ප්‍රාථමික අංශ දරුවන් පාසලට ගෙනවන්නේ.
සියළු පාසල් නැවත විවෘත කිරීමට පෙර දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනවා. එහිදී දරුවන්ට දෑත් සේදීමට අවශ්‍ය ස්ථාන හා උපකරණ සැකසිය යුතු වෙනවා.
එමෙන්ම දරුවන්ගේ ශරීර උෂ්නත්වය මැනීමේ උපකරණ පාසල් වලට දෙන්න සැලසුම්කර තිබෙනවා. එහිදී දරුවන් සියයක් සිටිනා පාසලකට එක් උපකරණයක්. තුන්සියයක් නම් උපකරණ දෙකක්. පන්සියයක් නම් උපකරණ තුනක් ලෙස ලබාදිය යුතුව තිබෙනවා.
පාසල් ආරම්භ කරනා විට දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගන්නා පියවර සඳහා ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන වල සහාය ලබාදෙන්න ඕන. පාසලට අවශ්‍ය උපකරණ සකසාගැනීමේදී උදව් කිරීම අත්‍යවශ්‍යයි. ඒ හැමදේම කරන්නේ අනාගත දරුපරපුර වෙනුවෙන් බව මතකයේ තබාගන්න.
අද වන විට අප ආරක්ෂිත රටක් කියා ලෝකයේ ප්‍රචාරයවී තිබෙනවා. වෙබ් අඩවි වල ඒ න සඳහන්වෙනවා. අපේ රට හොඳම සංචරණ රටක් ලෙස දැන් ලෝකයේ සාකච්ඡාවට ලක්වෙමින් තිබෙනවා. එය අපේ රටේ ඉදිරි ආර්ථික සංවර්ධනයට ලොකු පිටුවහලක් වෙනවා.
මෙම නම හදාගන්න මුළු රටම එකාවන්ව වැඩකරනා විට මාතර දිස්ත්‍රික්යෙන් ටීම් එකක්
විදියට වැඩකර ලොකු සහායක් දුන්නා ඒ කැපවුණ හැම කෙනෙකුටම ස්තූතිය පලකරනවා. මෙම අවස්ථාව සඳහා පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා මාතර දිස්ත්‍රික් ලෙක්ම් ප්‍රදීප් රත්නායක, මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.
ජයසිරි පේදුරුආරච්චි
